Sunday, October 18, 2015

ධර්මය දෙන්න , ළමයකුට

 

නුවණැති දෙමාපියෝ නම් කැමතිවන්නේ තම දරුවන් තමන්ට වඩා ශ්‍රද්ධාවෙන්, වීරියෙන්, සිහියෙන්, සමාධියෙන් සහ ප්‍රඥාවෙන් ඉදිරියට යනවා දකින්නයි. ඒ ඔවුන්, ඒ නිසා තම දරුවන්ට ලැබෙන බොහෝ වූ පුණ්‍යානිසංස දන්නා නුවණ ඇති නිසාත් සහ කාමයන්ගේ භයානක ආදීනව දන්නා නුවණ ඇති නිසාත්. කනගාටුවට කරුණ නම් බොහෝ දෙමාපියන් දරුවන් තව තවත් කාමයන් දෙසටම තල්ලු කිරීමයි. සමහර විට දෙමාපියන් නුවණැති වුනත් පෙර සසරේ බලවත් කාමයන් ඇසුරු කල ආශ්‍රව සහිත සිත් ඇති දරුවන් ඔවුන්ගේ අවවාද නොසලකා හරිනවා. ඒ කෙසේ වෙතත් ශ්‍රද්ධා, වීරිය, සිහිය, සමාධිය, ප්‍රඥා යන අංග ගැන දරුවන්ට කියාදීම ඔවුන්ගේ සසර ගමන සුවපත්වීම වෙනුවෙන් කරන අති මහත් වූ උපකාරයක්.

සමහර දහම් කරුණු අපට දැනට නොතේරුණත්, අද දරුවන් සේ පෙර සසරේ පින් ඇති අය අප අතරේ ඉපිද සිටින නිසාවෙන්...
දරුවන් අපට වඩා මේ භවයේ වයසින් නම් අඩු තමයි. නමුත් ඒ අය අපට වඩා (කුසලයෙන්) බාලයන් නොවෙන්න පුළුවන් මේ සසරේ. ඇත්තෙන්ම අප ඒ දරුවන්ට වඩා බාලයන් වෙන්නත් පුළුවන් සසර ගමනේ ස්වභාවය නුවණින් සලකා බැලූ විට. එහෙම වුනොත් ඔවුන්ට අපේ ඇසුර බාලයන්ගේ ඇසුරක් බවට පත්වෙනවා. එය අප අතින් ඔවුන්ට සිදුවෙන අසාධාරණයක්. (උදා. මිත්‍යා දෘෂ්ඨික දේශයන්හි පදිංචි වූ බොහෝ අය අතින් ඒ අයගේ දරුවන්ට මේ අසාධාරණය සිදුවෙනවා. පසුව ඒ අය ඒ ගැන කනගාටුවෙනවා අප සමග කියමින්.) එහෙම වෙන්න දෙන්න එපා. ධර්ම කාරණා, දැනට අපට නොතේරුණත්, ඒවා ඔවුන්ගේ සිතට ලැබෙන්න ඇසුරුකරන්න සලස්වන්න.

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....