Monday, December 3, 2012

අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ

 

අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්රකට තොරතුරු කිහිපයක්!

පූජ් ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට
උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ "ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න". ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය.

...

වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ රෝහලේ පසුවෙද්දී සෝම හිමියෝ උන්වහන්සේට පිරිත් කියමින් උන්හ. එවිට එහි ගොඩ වැදුනේ එවකට සිටි රටේ නායිකාවයි. ඇයත් සමග ඇයගේ උපදේශක හිමිනමක්ද විය. මහ නාහිමියන්ගේ රෝහල් කාමරයට පෑමිනි හිමි නම මැඩම් ඇවිල්ලා යැයි කී විට සෝම හිමි වදාළේ පිරිත් කියා අවසන් වනතුරු ඈයට ඉන්න කියන ලෙසය. එසේ කියා උන්වහන්සේ දිගටම පිරිත් කී සේක.

විනාඩි විස්සකට පමණ පසු ඇයට මහ නාහිමි බැහැ දකින්නට අවසර ලැබිණි. සෝම හිමියන් හදුන්වාදුන් පසු "මැඩම්" – " මම ඔබ වහන්සේගෙ බණ අහලා තියෙනවා" යෑයි කීවිට සෝම හිමියන් අභීතව ප්රකාශ කළේ "අනේ බොරු කියන්න එපා" ලෙසය. ඈයට කී බොරුව අතේම පත්තු විය. පසුව යන්න ලෑස්ති වී ඇය උන්වහන්සේට ආරාධනාවක් කළාය. එනම් ඇයට කෝල් එකක් දී ඇයට පහසු විටක ඇයව පෑමිණ මුණ ගැසෙන ලෙසය. සෝම හිමියන් ඇයට අපූරු උත්තරයක් දුන් සේක. "මැඩම්, මම දින පතා ගම් දනවු වැඩම කරමින් දිවා රෑ නොබලා මිනිස්සුන්ට බණ කියනවා. මට හරි අවිවේකයි. ඔබතුමිය මට විවේකී වෙලාවක ඈවිදින් මාව හමුවෙන්න."


උන්වහන්සේ පැතුවා වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා. අප මෙතෙක්රැස් කරගත්තාවු යම් කුසලස්කන්ධයක් වෙනම් සියල්ල උන්වහන්සේට අනුමෝදන් වෙත්වා. සසර වසනා තුරු උන්වහන්සේගේ කල්යාණ මිතුදම පතමි. එකම සද්ධර්ම මණ්ඩපයක යථාවබෝධය සාක්ෂාත් කර ගැනීමට පෙරුම් පුරමි.

~
ප්රියන්ත ලියනගේ
http://sinhalabuddhist.com/

වල්මත් වූ සිංහල බෞද්ධයා යළිත් දෙපයින් සිටවූ මහා පහන් ටැඹ උන්වහන්සේය, ජාතියේ අවාසනාවට අධර්මිෂ්ඨ ක්රිස්තියානී අන්තවාදීන් උන් වහන්සේ අපෙන් පැහැර ගෙන ගියත්, උන් වහන්සේ ඇති කළ ජාතික චින්තනය තවමන් අප අතර ජීවමානය. එහෙත් බොහෝ දෙනෙකුට උන් වහන්සේ සිහිපත් වන්නේ උන් වහන්සේ අප අතරින් වෙන්ව ගිය දෙසැම්බරයේදී පමණක් වීම අවාසනාවකි. වත්මන් ජාතිමාමක තරුණ පරපුර නිරතුරුවම උන්වහන්සේගේ උතුම් චරිතය තම ජීවන දර්ශනය කර ගනිත්වා !

 

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....