Friday, December 21, 2012

ඩෙංගු සටනට කොළ තුනක්

 

ඩෙංගු සටනට කොළ තුනක්

2012 දෙසැම්බර් මස 14 15:30:26 | .

ඩෙංගු රෝගය වැළැක්වීමටත් ප්රතිකාර කිරීමටත් තමිල්නාඩු රජය සිද්ධ වෙදකමෙන් ස්වභාවික ප්රතිකාර අරඹා ඇති බව ඉන්දියාවේ හින්දු පත්රයේ පළ කළ වාර්තාවක් කියයි.

සම්ප්රදායික වෛද් ක්රමයෙන් ඩෙංගු රෝගය ස්වභාවිකව සුවපත් කළ හැකි බව තමිල්නාඩු රජයේ සෞඛ් හා පවුල් සුභසාධන දෙපාර්තමේන්තුව කියයි. මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ රජය මීට අනුග්රහය දක්වයි.

එක් ප්රතිකාරයක් වනුයේ නාරටි ඉවත් කළ අලුත් පැපොල් කොළ කිහිපයක් සීසිල් වතුර ටිකක් මුසු කර අඹරා පෙරා ගෙන පානය කිරීමයි. දිනකට සිව් වරක් මිලි ලීටර් 10ක් පානය කිරීමෙන් දින පහකදී උණ බැස යන බවත්, උණ බැස ගිය පසු මෙම ප්රතිකාර තවත් දෙදිනක් කළ යුතු බවත්, තමිල්නාඩුව කියයි.

පැපොල් කොළ ප්රතිකාරය ඉන්දියාවේ අත් බෙහෙතකි.

තමිල්නාඩු රජය නිර්දේශ කරන තවත් ප්රතිකාරයක් වනුයේ කොහොඹ කොළ සිසිල් වතුර සමග මිශ් කර කොටා පෙරා ගෙන මිලි ලීටර් 10ක් දවසකට දෙතුන් වරක් පානයි.

කුඩුකරගත් බිං කොහොඹ (සංස්කෘත - කාලමේඝ / භූනිම්බ) ග්රෑම් 10කට වතුර මිලිලීටර් 100ක් එකතු කරලිප තබා ඉන් අඩකට සිදුවා (මිලිලීටර් 50කට) උදේ සවස වශයෙන් දවසකට දෙවරක් පානය කිරීමද තමිල්නාඩුවේ ඩෙංගු ප්රතිකාරයකි. හැම වේලකටම අලුතෙන් කුඩු කර ගත් බිං කොහොඹ ගත යුතුය.

දින පහකින් උණ බැස යන බවත්, ඉන් පසුව දෙදිනක් මෙම ප්රතිකාරය කළ යුතු බවත් තමිල්නාඩුව කියයි.

 

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....