Sunday, February 17, 2013

පොල් ගෙඩි 8 හොරකමේ අපි නොදකින ඇත්ත හෙවත් කුණු විකුණා කන අපේ මාධ්‍ය

·         පොල් ගෙඩි 8 හොරකමේ අපි නොදකින ඇත්ත හෙවත් කුණු විකුණා කන අපේ මාධ්

බී. ඩී. මහේෂිකා මේ වන විට මුළු මහත් සමාජයේම අනුකම්පාව දිනාගෙන සිටින සුවිශේෂී දැරියකි. වාර්තා වූ අන්දමට ඇය අකුරු කරන හොරණ ශ්‍...රී මේධංකර විදුහලේ පන්ති කාමරවල තීන්ත පිරියම් කිරීමට තම මව්පියන්ගෙන් රුපියල් අටසියයක මුදලක්ගෙන එන ලෙස එම විදුහලේ විදුහල්පතිතුමා පාසලේ දරු දැරියන්ට දන්වා ඇත්තේය. එනමුත් දැරිවියට එම මුදල ගෙන යැමට තරම් හැකියාවක්තිබුණේ නැත. එසේ වූයේ දිළිඳු බවේ පතුළටම බැස සිටින ඇයගේ මව්පියන් අත එතරම් මුදලක්නොගැවසෙන හෙයිනි. දැරිය, මොහොතේ ඇයට ගන්නට හැකි අහිංසක සේම නීතියට අනුව වරදක්බවට පත් වන තීරණය ගත්තීය. ඇය අසල්වැසි වත්තකට පැන හොරෙන් පොල් ගෙඩි අටක්සොරකම් කරන්නට ගොස්පොල් වතු හිමියාට හසු වන්නීය. අසල්වැසියා රටේ නීතිය අනුව සොරකු සම්බන්ධයෙන් ගන්නා සරලම තීරණය ඇය වෙනුවෙන්ද ක්රියාත්මක කරන්නේය. දැරිවිය නීතිය ඉදිරියට යන්නේ සිදුවීමත් සමගය. කෙසේ හෝ සාමාන්යයෙන් අපි අත්දකින සොරකමකට වඩා මේ හොර පොල් කතාව රට තුළ මහත් ආන්දෝලනයක්ඇති වූයේa අනුවය.

පුවත අසන සෑම කෙනෙක් දැරිවිය ගැන අනුකම්පා කර පොල්වතු හිමියාව 'තිරිසනෙක්‌' ගානට ඇද දැමුවේය. අවසන පැමිණිලි පාර්ශ්වයෙන් පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමත් සමග දැන් දරුවාව අධිකරණයෙන් නිදොස්කොට නිදහස්කර හමාරය. දැන් මුළු සමාජයටම සතුටුය. එහෙත් ගින්නක්නැතිව දුමක්නගින්නේ නැතැයි කියා කතාවක්ඇත. සා මේ කතාව යට සැඟවුණු තවත් දනීය කතාවක්ඇති බව නොරහසකි. එහෙයින් අපි මේ සිද්ධිය ගැන පසු විපරමක්කිරීමට තීරණය කළෙමු. මහේෂිකා දැරිවියට අබමල් රේණුවක තරම්වත් අපහාසයක්කිරීමේ අදහසින් නොව, සමාජයට වැරදුන තැන නිවැරැදි කර දීමටය.

රටේ දරුවන් වෙනුවෙන් අපි නොයෙක්අවස්ථාවල පෙරටවිත් හඬ අවදි කර ඇත්තෙමු. දැයේ දරුවන්ගේ ජයග්රහණ සම්බන්ධයෙන් මෙන්ම අසරණ දරුවන් වෙනුවෙනි. එසේ නම් දරුවන්ගේ යහපත වෙනුවෙන් පෙනී සිටිනවා සේම දරුවන්ගේ වුව, අකටයුතුකම් ඉදිරියේදී එසේම පෙනී සිටීමට අපට හැකියාව ඇත්තේය. අපි යථාර්ථය දකිමු.... කනගාටු නොවන්න අපි දැන් කතා කරන්නට යන්නේ මේ පොල් 'හුටපටේ' පැමිණිලි පාර්ශ්වය සමග සහ ගම්වැසියන් සමගය. මෙතැන් සිට පෙළ ගැසෙන්නේ ඔවුන් සමග කළ කතා බහකි.

පළමුවෙන්ම අපි පොල් වත්තේ අයිතිකරු හමු වීමු.

ඔබගේ නම...?

චන්ද්රසේන කරන්නාගොඩ.

ඔබගේ රැකියාව...?

මම රැකියාවක්කරන්නේ නැහැ. වතුපිටිවලින් එන ආදායමෙන් තමයි ජීවත් වෙන්නේ.

කියන්නේ ඔබේ පොල් වත්තෙන් ලොකු ආදායමක්එනවා ඇති...?

කවුද මහත්තයෝ අපිට පොල්වත්තක්තියෙනවා කියන්නේ. මාධ්යකාරයෝ තමයි මට මහ විශාල පොල්වත්තක්තියෙනවා කියලා මවලා පෙන්නුවේ. ගෙදර වත්තේ පොල් ගස්තිහක්තිස්පහක්තියෙනවා. ඒක තමයි පුවත්පත්, ටී.වී. චැනල්වලින් මහා විශාල පොල් වත්තක්හැටියට පෙන්නුවේ. ඕවා ගැන කතා කරලා දැන් වැඩක්නැහැ මහත්තයෝ. අපිට වෙන්න තියෙන දේ වුණා. මුළු රටේම මිනිස්සු අපි දිහා බැලුවේ වැරැදිකාරයෝ විදිහට. මේ හැම දේම කළේ ජනමාධ්යයෙන්. තවත් ඔය ගැන කතා කරන්න එපා... දැන් අපිට පාඩුවේ ඉන්න දෙන්න...

අපි පැනය ඉදිරිපත් කළේ චන්ද්රසේන මහතාටය. නමුදු ආවේගශීලීව පිළිතුරු ලබා දුන්නේ ඔහුගේ බිරිඳය. ඇති වූ පොල් 'හුටපටෙන්' ඇය තවමත් කම්පනයට පත්ව සිටින බව ඇයගේ කතා විලාශයෙන් අපට පැහැදිලි විය. නමුදු ඇත්ත ඇතිසැටියෙන් හෙළිදරව් නොකිරිම හෙයින් ඔවුන් තව තවත් අගතියට පත් වන බව ඇයට තවමත් නොතේරීම නම් කනගාටුවට කරුණකි.

"
නැහැ... නැහැ... සමහර මාධ්යකාරයෝ තමයි මේ සිද්ධිය විකෘති කරලා විකුණගෙන කෑවේ. නිසා රටේ හැම මාධ් ආයතයනයකටම දොස්කියලා වැඩක්නැහැ"

තම බිරිඳගේ සිතේ ඇති වූ ආවේගය සමනය කිරීමේ අදහසින් චන්ද්රසේන මහතා එසේ කීවේය.

ඔබට තියෙන පොල් ගස්තිහ තිස්පහෙන් මාසෙකට කීයක්විතර ආදායමක්එනවාද?

එසේ අපි නැවත චන්ද්රසේන මහතාට පැනයක්යොමු කළෙමු.

ඒක කියන්න පුළුවන් තව මාස දෙක තුනකින් තමයි. දැන් එක ගහකවත් පොල් නැහැ. ඔක්කොම හොරු කඩාගෙන ගිහින්.

කියන්නෙ මේ ගමේ පොල් හොරු ගොඩක්ඉන්නවා...?

එහෙම කියන්න බැහැ... මේ ගම බොහොම හොඳ ගමක්‌. හාල් සේරුවක්‌, පොල් ගෙඩියක්ඉල්ලුවහම නොදෙන මිනිස්සු මේ ගමේ නැහැ. අපි දානමාන දෙන්න කැමති හොඳ බෞද්ධ මිනිස්සු.

එතකොට ඔබ කියන පොල් හොරු කවුද?

ගැන කතා කරලා වැඩක්නැහැ මහත්තයෝ... ඇත්තම කියනවා නම් මේ ගැන කතා කරන්න අපි බයයි. දැන් මේක රටේ ලොකු කතාවක්‌. එකක්මාධ්යයෙන් හැම දේම කියන්නෙ විකෘති කරලා. මේ චෝදනාවෙන් ළමයාව පසුගියදා අධිකරණය නිදහස්කළා. රුපියල් 50,000 ශරීර ඇපයක්මත. ඒකත් සමහර පත්තරවල පොල් ගෙඩි අකුරින් දාලා තිබුණෙ රුපියල් 50,000 දඩ මුදලකට යටත්ව නිදහස්කරලා කියලයි. රටේ ජනමාධ් මේ විදිහට බොරු ලියනකොට අපි කොහොමද මේ ගැන තව කතා කරන්නේ. තවත් ටී.වී. චැනල් එකක්අපේ පොල් ගස්විදිහට කොහෙවත් තියෙන පොල් ගස්ටිකක්පෙන්නල තිබුණා. මේව හොඳ වැඩ නෙමෙයි. ඉස්සර මේ වගේ දේවල් වුණේ නැහැ. දැන් මාධ්යකාරයෝ විකුණගෙන කන්න ඕනා වුණහම කබරගොයත් තලගොයෙක්කර ගන්නවා. අනිත් එක තමයි ළඟදි දවසක මේධංකර ඉස්කෝලෙ විදුහල්පතිතුමාටත් කවුද පිරිසක්ඇවිත් තර්ජනය කරලා ගියාලු. ඉතිං මේ සිද්ධිය ගැන තව කතා කරලා අපිට බැහැ කළු ගල්වල ඔළුව ගහා ගන්න.

හරි... මේ සිද්ධිය වුණෙ කවදද..?

පෙබරවාරි 4 වැනිදා සවස.

ළමයා පොල් කඩනවා දැක්කද...?

මට ගැන කතා කරන්න බැහැ. දැන් මේ සිද්ධිය ඉවරයි. කතාව ගියේ පොල් වත්තකින් පොල් ඇහිඳලා කියලා නේ දැන් එහෙමම හිතමු.

ඉතිං ඔබට දැන් ඇත්ත විස්තරේ රටට කියන්න පුළුවන්නෙ....?

වෙච්ච දේ ඉවරයි... දැන් මොනවා කිව්වත් ඵලක්නැහැ.

ඔබ කිව්වා මේ සිද්ධිය වුණේ 4 වැනිදා සවස කියලා. එතකොට මොහොතේම ඔබ පොලිසියට පැමිණිලි කළාද?

නැහැ... එතකොට සවස හයට හයාමාරට විතර ඇති. නිසා වේලාවෙ පොලිසියට යන්න බැරි වුණා. ඊට පහුවෙනිදා උදෙන්ම පොල් ටිකත් අරගෙන පොලිසියට ගිහින් පැමිණිල්ලක්දැම්ම.

ඔබ පොල් ගෙඩි කීයක්පොලිසියට ඉදිරිපත් කළාද?

පොල් ගෙඩි අටයි.

ළමයගේ මව කියන්නෙ ඔබ පොලිසියට ඉදිරිපත් කරලා තියෙන්නේ ලෙලි ගහපු පොල් කියලා...?

නැහැ... මම පොල් පොලිසියට ගෙනිච්චෙ ලෙලි පිටින්. උසාවියේ නඩු භාණ් හැටියට පොල් තවම තියෙනවා. ගැන කාට හරි සැකයක්තියෙනවා නම් උසාවියට ගිහින් බලන්න පුළුවන්.

පොල් ගෙඩි අටක මේ පුංචි හොරකම ඇයි ඔබ පොලිසියට අරගෙන යන්න තීරණය කළේ. සමථ මණ්ඩය හරහා සමථයකට පත් කර ගන්න තිබුණ නේ...?

මටත් දරුවෙක්ඉන්නවා. මමත් කැමති නැහැ තව ළමයෙක් පොලිසි ගානෙ ගෙනිහින් අපහාසයට ලක්කරන්න. විශේෂයෙන්ම ගැහැනු දරුවෙක්. මේ ළමයාගේ හොර වැඩේ අද නවත්වයි, හෙට නවත්වයි කියලා බලාගෙන හිටියා. ඒත් එහෙම වුණෙ නැහැ. දිගින් දිගටම කළා. මේ සිද්ධිය වුණ දවසෙත් මම ළමයවයි පොල් ගෙඩි ටිකයි අරගෙන ළමයාගේ ගෙදරටම ගිහින් ළමයාගෙ අම්මට කිව්වා. අම්මා කළේ දරුවට තරවටු කරනවා වෙනුවට මට බැණ අඬගැහුව එකයි. ඉතිං මම නීතියේ පිහිට පතන්නෙ නැතුව වෙන මොනව කරන්නද..

මෙතැන වැරැද්ද ළමයාගෙ නෙමෙයි. දෙමව්පියන්ගේ. දෙමව්පියෝ දැනගන්න ඕනා ළමයින්ව හරියට හදාගන්න. මේක එක දවසක්නෙමෙයි දිගින් දිගටම කෙරෙන වැඩක්නේ. මේ ළමයගේ තාත්තා ගල්කොරියක වැඩ කරන කෙනෙක්‌. දවසකට සැලකිය යුතු මුදලක්පඩියක්විදිහටත් ගන්නවලු. නමුත් ගන්න පඩිය භාගයක්වියදම් කරන්නෙ අරක්කු වලටලු. ඉතිං බලන්න එහෙම අරක්කුවලට වියදම් කරන සල්ලි ළමයින්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් වියදම් කළා නම් අද මේ ළමයා මෙහෙම හොරකම් කරන්න පෙළඹෙන්නෙ නැහැනේ. මම නැවත කියන්නෙ මේවා දෙමව්පියන්ගේ වරදින් වුණු දේවල්. ඒත් අන්තිමේ සමාජයෙන් අපහාස වින්දෙ අපියි. මේවට තමයි කියන්නෙ මහත්තයො වඳින්න ගිය දේවාලෙ හිසට කඩා වැටුණා කියලා.

ඔබ කියන්නේ මේ චෝදනාවට දැන් ඔබයි වැරැදිකාරයා වෙලා තියෙන්නෙ කියලා නේද?

ඒක ඉවරයි.... උසාවිය තීන්දුවක්දීලා තියෙනවා. අපි නීතියට ගරු කරන මිනිස්සු.

මීට පෙරත් මේ ළමයා ඔබේ වත්තට පැනලා පොල් කඩාගෙන ගිහින් තියෙනවා කියලා ඔබේ කතාවෙන් අපට පැහැදිලි වෙනවා...?

මට ඒකට දැන් උත්තර දෙන්න බැහැ... ගමේ මිනිස්සු එක් කතා කළොත් ඕකට හොඳ උත්තරයක්ගන්න පුළුවන්. ග්රාම සේවක මහත්තයාගේ ඉඳලා ගමේ මිනිස්සු සේරම මේ ළමයාගේ කල්කිරියාව හොඳටම දන්නවා. යන්න ගිහින් ගමේ මිනිස්සුත් එක් කතා කරන්න. හොඳ හොඳ උත්තර ලැබෙයි.

කියන්නෙ මේ ළමයා ගමේ තවත් වතුවලට පැනලා හොරකම් කරනවා කියන එක නේද?

ගමේ මිනිස්සුත් එක් කතා කරලා බලන්න මහත්තයෝ...

හරි... ඔබට මේ පැමිණිල්ල උසාවියට ගෙනි යන්නෙ නැතුව පොලිසියෙන් බේරගන්න තිබුණා නේ...?

මම පොලිසියට ගිහින් පැමිණිල්ල දැම්මා. පොලිසිය පැමිණිල්ල උසාවියට ඉදිරිපත් කළා. මේ චෝදනාව පොලිසියට විසඳන්න බැරි නිසා උසාවියට දාන්න ඇති.

අපි පොලිසි ගියේ මේ ළමයාව හිරෙ විලංගුවෙ දාන්න නෙමෙයි. පරිවාසෙට දාලා හරි ළමයට යහපතක්කරන්න කියලා හිතාගෙනයි. ගමේ හැමෝම කතා බහ කළේ මේ ළමයාව හොඳ මාර්ගයට ගන්නයි. ඇත්තටම දැන් අපි බලාපොරොත්තු වුණු දේ වුණා. ළමයට විතරක්නෙමෙයි මුළු පවුලටම යහපතක්වෙලා තියෙනවා. ගෙවල් දොරවල් හදා දෙන්න මිනිස්සු ඉදිරිපත් වෙලා ඉන්නවා. ළමයට උගන්වන්න තව අය ඉදිරිපත් වෙලා ඉන්නවා. දැන් ඔක්කොම හරි ළමයා නිවැරැදියි. අපි වැරදියි. වැරදි කරන අයටත් හොඳ නම්, රටේ මිනිස්සුන්ටත් වැරදි කරන අය හොඳ නම් මටත් හොඳයි. දැන් ඉතිං ගැන කතා කරලා වැඩක්නැහැ. අපහාස විඳලා හරි අපිත් පිනක්කරගත්තා කියලා හිත හදා ගන්නවා.

මාධ් කඩකාරයන් විසින් මේ පොල් 'හුටපටය' දැන් චිත්රපට කතාවක්කර හමාරය. චිත්රපට කතාවේ චන්ද්රසේන මහතා ප්රධාන භූමිකාවක්රඟදැක්වු 'දුෂ්ඨ නළුවෙකි.' චිත්රපටයේ කතාව ගැන මාධ්යයට, මැති ඇමැතිවරුන්ට, මෙන්ම තවත් බලධාරීන්ට කරුණු දැක්වීමට ගොස්දැන් ඔහු සිටින්නේ ජීවිතයත් එපා වෙලාය. එහෙයින් තවත් අපි ඔහුව අපහසුතාවට පත් නොකර මේ චිත්රපටයේ ප්රධාන නිළිය ගැන ගම්වාසීන් කියන කතා දැන ගැනීමට අපි අරණාගොල්ල ගම්මැද්දට ගියෙමු. එහිදී අපට ගම්වාසීන් කිහිප දෙනෙක්සමගම කතා බහා කිරීමට අවස්ථාව ලැබිණි. ප්රථමයෙන් අපි ගම්වාසී කාන්තාවක්කියූ කතාව අසා සිටිමු.

"
මේ කෙල්ල යකෙකුටවත් බය නැති කෙල්ලක්‌. හවස හයට හතටත් ගස්උඩ යනවා. එක දවසක්හවසක මම ගේ ඇතුළෙ ඉඳල එළියට එනකොට කෙල්ල අපේ ගේ ඉස්සරහා පුවක්ගහේ. කෙල්ල ගහේ ඉන්නවා දැක්කට මම කෑගැහුවෙත් නැහැ. මට බය හිතුනා කෙල්ල කලබල වෙලා වැටෙයි කියලා. මම අපේ දුවටත් කතා කරලා පෙන්නුවා. අපි ළමයා ගහෙන් බහිනකම් බලාගෙන හිටියා. පොල් කඩන මිනිහෙක්වත් ගහට යන්න බයයි. තරම් ගහ උසයි හීනියි. අර තියෙන්නෙ අන්න අර ගහ" පුවක්ගස්පෙළක්අතරින් උසම ගස ඇය අපිට පෙන්නුවාය.

"
ගහෙන් බැස්සට පස්සෙ අපි ළමයාගෙන් ඇහුවා ඇයි අපේ ගහේ පුවක්කැඩුවේ කියලා. එතකොට ළමයා කිව්වා ගාල්ලේ ලොකු අම්මලාගේ ගෙදර දානෙට ගෙනියන්න කියලා. අමූලික බොරුවක්‌. මේ අවට ගෙවල්වල දොර ජනෙල් වහල තියෙනකොට මේ ළමයා වත්තට පැනලා පොල් ගස්වලට නැඟලා ගෙඩි කඩාගෙන යනවා. පොල් කඩන්නෙත් නියම හොරෙක්විදිහට තමයි. එක ගෙඩියක්කඩලා දාලා අනිත් ගෙඩිය දාන්නේ ටික වෙලාවකට පස්සෙයි. කවුරු කියා දීලාද? කොහෙන් ඉගෙන ගෙනද දන්නෙ නැහැ. පොඩි කමට නෙමෙයි තරම් පරිස්සමට වැඩේ කරනවා. මේ ළමයාට පුවක්පොල් නම් පෙන්වන්න බැහැ"

"
තව දවසක්අපේ ගේ ඇතුළට ඇවිත් අම්මාගේ 'පර්ස්‌' එක හොරකම් කරලා තිබුණා. කොහොමහරි ළමයාව අපිට සැක හිතිලා අහනකොට හංගලා තිබුණු තැනකින් ගෙනත් දුන්නා. ඒත් අපි පොලිසියට ගියේ නැහැ. ගමේ මිනිසුන්ගේ මොන දේ හොරකම් කළත් කවුරුවත් පොලිසියට ගියේ නැහැ. ඒක තමයි අපි කරපු වරද? අපි මුලින්ම පොලිසියට ගියා නම් මේවා මුලදිම නතර කරගන්න තිබුණා. එහෙම වුණා නම් මේ විදිහට ගම හැල්ලුවට ලක්වෙන්නෙත් නැහැ. පොල් හොරකම තමයි ඔය ළමයට විරුද්ධව මුලින්ම පොලිසියට අරගෙන ගියේ. අනේ දැන් මනුෂ්යයා ඉන්නෙ හොඳටම බය වෙලා. මේ ළඟදී දවසක ඉස්කෝලෙ පින්සිපල්ටත් කවුද ඇවිත් තර්ජනය කරලා ගියාලු."

"
ඒක නම් වෙන කතාවත්"

ඇයගේ කතාවට තවත් ගම්වැසියෙක්අත්වැල අල්ලමින් 'පොල් චිත්රපට කතාවේ' තවත් ප්රධාන නළුවකු වන විදුහල්පතිතුමාගේ අලුත්ම රඟපෑමක්ගැන මෙසේ විස්තර කරන්නට පටන් ගත්තේය.

"
කවුද පිරිසක්ඇවිත් ඉස්කෝලේ පින්සිපල්ට තර්ජනය කරලා කියලා කතාවක්තිබුණා. කතාව බොරුවක්‌. එයාට ප්රසිද්ධ වෙන්නයි රටේ මිනිස්සුන්ගේ අනුකම්පාව දිනාගන්න විදුහල්පතිතුමා දැනුවත්ම තමයි එහෙම කරගෙන තියෙන්නෙ.

"
ඇත්තටම ඉස්කෝලෙ ඩෙස්පුටු පේන්ට්කරන්න කියලා ළමයින්ගෙන් රුපියල් 800 ක්එකතු කරලා තියෙනවා. නමුත් මේ ළමයගේ මව්පියෝ දුප්පත් නිසා ඉස්කෝලෙ වැඩවලට මේ ළමයගෙන් සල්ලි අරගෙන නැහැ. හරියට පරීක්ෂණයක්කරනවා නම් විදුහල්පතිව ගෙදර යවන්නත් පුළුවන්. ඇයි පාසලේ වැඩවලට ළමයින්ගෙන් මුදල් එකතු කරන්නේ. එහෙම කළේ නැහැ කියන්න බැහැ. පාසලේ ගුරුවරුන් හතර දෙනකුගෙන් යුත් කමිටුවක්පත් කරලා තමයි මේ මුදල් එකතු කරලා තියෙන්නෙ. මහ ඇමැතිතුමා කියනවා මෙච්චර මුදලක්මේ පාසලට වෙන් කරලා තියෙනවා කියලා. එහෙම තියෙද්දීත් ඇයි ළමයින්ගේ දෙමව්පියන්ගෙනුත් මුදල් එකතු කරන්නේ. ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මේ ළමයින්ගෙන් එකතු කරපු සල්ලිවලට මොකද වුණේ කියලා හරි නම් වෙනම පරීක්ෂණයක්කරන්න ඕනා. ඒවා යට ගැහෙනවා"

"
මේ විදුහල්පතිතුමා පාසලේ ළමයින්ට මරු නීති තමයි දාලා තියෙන්නෙ. එයා කියන පොත් සාප්පුවලින් තමයි ළමයි පොත් ගන්න ඕනා. ඊට අමතරව ඉස්කෝලෙ ළමයින්ට විදුහල්පතිතුමා නියම කරපු බෑග් එකක්තියෙනවා බෑග් එක අනිවාර්යෙන්ම පාසලේ සෑම ළමයෙක් ගන්න ඕනා. බෑග් එක හදවලා විකුණන්නේ විදුහල්පතිතුමාගේ පුතා. බෑග් එක ගත්තෙ නැත්නම් ළමයින්ට පාසලට එන්න දෙන්නෙ නැහැ. ළමයි වෙනත් බෑග් එකක පොත් දාගෙන ආවොත් හවසට ළමයට ගෙදර යන්න වෙන්න පොත් ටික අතේ අරගෙන. ප්රින්සිපල් බෑග් එක තියාගන්නවා. අපි අධ්යාපන සේවා ඇමැතිතුමාගෙන් ඇහුවා පාසල්වලට බෑග් එකක්නියම කරලා තියෙනවද කියලා. එතුමා ගත් කටටම කිව්වා එහෙම දෙයක්නියම කරලා නැහැ, කිසිම පාසලකට වෙන වෙනම බෑග් වෙන් කරලත් නැහැ කිව්වා."

"
පාසල් සපත්තුවලටත් කතන්දරයම තමයි. විදුහල්පතිතුමා කියන සාප්පුවෙන් විතරයි සපත්තු ගන්න ඕනා. පාවහන් වෙළෙඳසලෙන් විදුහල්පතිතුමාට කොමිස්එකක්ගෙවනවා. විදුහල්පතිතුමා නම් කියන්නේ ලැබෙන කොමිස්මුදලෙන් පාසලේ දුප්පත් ළමයින්ට සපත්තු අරන් දෙනවා කියලයි. ඒත් කවමදාකවත් පාසලේ ළමයෙකුට අරන් දීපු සපත්තුවක්නැහැ. කොළඹ සුපිරි පාසලකවත් මේ වගේ නීති නැහැ. ළමයින් මේ පාසලට ඇවිත් ඉගෙනගන්නේ විදුහල්පතිතුමාගේ ඔය සේරම නීතිවලට යටත් වෙලා තමයි. මේවා හොයන්න කිසිම අධ්යාපන බලධාරියෙක්නැහැ"

කතාව හරිම ෂෝක්. පොල් 'හුටපටය මැද්දෙන් දැන් තවත් 'ලටපට' මතුවෙමින් තිබේ. ගම්මු කියන 'ලටපට' අස්සේ අපි පොල් 'හුටපටේ' ප්රධාන සැකකාරියගේ නිවස සොයා යමු.

අපි නිවසට යන විටත් අපේ කතා නායිකාව බයිසිකලයක්පදිමින් සිටියාය. අප නිවසට ඇතුළු වී අසුන් ගත් විට ක්ෂණයෙන් ඇය අප ඉදිරියේ පෙනී සිටියාය.

දුවේ ඔයාගේ නම මොකක්?

'
මහේෂිකා' කියා ඇය අප අසලින් දිව ගියාය.

මොකක් මේ පොල් ගෙඩි අටක සිද්ධිය...

අපට නිවස තුළට ආරාධනා කළ ඇයගේ මවට අපි එසේ පැනයක්යොමු කළෙමු.

"
ඔන්න ඔහොම කතාවක්තිබුණා... දැන් නඩුවත් ඉල්ලා අස්කරගත්තා කියලා රේඩියෝ ඒකෙ කියනවා ඇහුණා. අපි නම් නඩුවටවත් ගියේ නැහැ"

එහෙම නම් දැන් පොල් නඩුව ඉවරයි නේ.. වෙච්ච දේත් මුළු රටම දන්නවා නේ. මේ ගමේ මිනිස්සු කියනවා මේ ළමයා වතුවලට පැනලා ගස්වල තියෙන ගෙඩි හොරෙන් කඩාගෙන යනවා කියලා. කතාවේ ඇත්ත නැත්ත මොකක්?

"
හරි මහත්තයෝ මේ සිද්ධිය වුණාට පස්සෙනේ මේ ගමේ උන්ට ඇහැරිලා තියෙන්නෙ. පහුගිය ඉරිදා ගමේ ආරක්ෂක කමිටුව තිබ්බා. ඒකට ගමේ ග්රාමසේවක රාළහාමි ආරක්ෂක කමිටුවේ සභාපති, ලේකම්තුමා එහෙමත් ඇවිත් හිටියා. මමයි අපේ මහත්තයත් ගියා. පොල් වත්තේ අයියත් ඇවිත් හිටියා. කමිටුවට ඇවිත් හිටපු පොලිසියේ ලොකු මහත්තයෙක්පොල්වත්තේ අයියගෙන් ඇහුවා ඔයාගේ වත්තෙන් මේ ළමයා මාස කීයක තිස්සේ ඉඳලා හොරකම් කරනවද කියලා. එයා කිව්වා අවුරුදු එකහාමාරක්තිස්සේ ඉඳලා වත්තේ බඩු හොරකම් කරනවා කියලා. එතකොට මම නැගිටලා ඇහුවා අයියේ.. ඔච්චර කාලයක ඉඳලා ඔයාගේ බඩු හොරකම් කළා නම් ඔයාට තිබුණානේ මේ ආරක්ෂක කමිටුවට හරි දැනුම් දෙන්න කියලා. එතකොට එයාගේ කට වැහුණා. ඔය දැන් කියන කිසිම හොරකමක්ගැන ඉස්සර කවුරුවත් කියන්න ආවේ නැහැනේ. දැන්නේ මේ ගමේ උන් සේරම ළමයාට කතන්දර කියන්න එන්නේ.

මේ දරුවා ගස්නගිනවා ඔබ දැකලා තියෙනවද?

මෙයාට ගස්නගින්න බැහැ. අපි ළමයාව සුද්ද කරනවා නෙමෙයි. ළමයා අනුන්ගේ වතුවලට ගිහින් පොල් ගෙඩියක්පුවක්ගෙඩියක්අහුලලා කඩවලට විකුණනවා කියලා අපි දන්නවා. ළමයා එහෙම විකුණලා ටොපි, වඩේ, තෝසේ කනවා. ගෙදරට නම් ශත පහක්වත් ගේන්නෙ නැහැ. ළමයා බය නැතුව කඩේට බඩු ගෙනියන්නේ කඩකාරයෝ බඩු ගන්න නිසානේ මහත්තයෝ. මෙතැන වැරැදි කඩකාරයෝ..."

මවගේ කතාව එවැන්නකි. කතාව නම් හරිම අපූරුය. වරෙක කැකිල්ලේ නඩු තීන්දුවටත් හපන් කතාවකි. තම දරුවා වැරැදි මගෙන් මුදගැනීමට තවමත් මවට උවමනාවක්නැති සේය. පුංචි හෝ යහපත් සිතුවිල්ලක්තිබුණා නම් තම දරුවා ගෙන එන හොර බඩු ගන්නා කඩහිමියන් වැරැදි කියන්නේ නැත. තවමත් ඇය තම දරුවා නිවැරදි කරයි. එමෙන්ම තම දරුවා කළ අකටයුතුකමට සමාජයෙන් ලැබුණු අනුම්කපාව මුසු වූ ප්රසිද්ධිය ඔවුන්ගේ බඩ වඩා ගැනීමට 'සෙත් කවියක්‌' කරගෙන තිබෙන බවක්පෙනේ.

සමාජයේ දරුවන්ට අගේ ඇති පූර්වාදර්ශයක්ලබාදෙමින් කතාව එසේ නිමාවට පත් විය.

අපි කතාව නිම කිරීමට පෙර මේ වචන ටික මෙසේ පෙළ ගස්වමු. රටේ හොරකම් කරන දේශපාලුවන්ට ආණ්ඩුව සුදු හුණු ගානවා සේම, සමාජයද මේ ළමයා කළ හොරකම සාධාරණීකරණය කර අනුකම්පාවත් සමග තෑගි බෝගද ලබාදී ඇත. රටේ මාධ් කඩකාරයෝ නයි නළඟන 'තරුවක්‌' කළා සේම මේ ළමයාවද 'ලිට්ල් ස්ටාර්' කෙනෙක්කරන්නට යන්නේය. දැන් ආණ්ඩුව, රටේ මිනිස්සු, 'මාධ් කඩ තකට තක' සෙට්වී සතුටු සාගරයේ දිය බුන් ගසමින් සිටිති. එවැනි වටපිටාවක හෙට ළමයෙක්හෝ ලොකු එකෙක්ඔබේ නිවසට පැන ඔබේ සබ්බසකලමනාවම අතගාගෙන ගියද කලබල නොවන්න පොලිසි නොයන්න එසේ කළොත් රටේ උදහසට ලක්වන්නේ ඔබය.

ඔහොම යං... ඔහොම්මම යමු.. කියනවා හැරෙන්නට
තවත් නම් කිසිවක්කියන්නට ඉතිරිව නැත.

තරංග රත්නවීර

උපුටාගෑනීම අද දිවයින

 

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....