Tuesday, June 11, 2013

උපුටා ගැනීමකි. නමුත් විමසන්න.

 

විශේෂයි :
මෙහි කිසිවකට මම වගකියනු නොලබන අතර තොරතුරක් ලෙස පමනක් සපයමි.

Thanks and Regards
kelum
--------------------------------------------------------------------------------------------------------

අභිධර්ම ප්‍රශ්නයට මහමෙව්නාවෙන් පිළිතුරු..!

මහමෙව්නාවෙන් පතුරවන අධර්මයට එරෙහිව අප විසින් ඇරඹි ධර්මය යුද්ධය මේ වන විටත් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇතිබව ලද ප්‍රතිචාර වලින් පෙනේ. උතුම් බුද්ධභාෂිත අභිධර්මය, බුද්ධ භාෂිතයක් නොවේ යැයි පවසා භාවිතයෙන් ඉවත්කරමින් තමන්ගේ අනුගාමිකයින් තුල අභිධර්මය විරෝධී මත ගොඩනගමින් මහමෙව්නාව විසින් කරගෙන ගිය වැඩපිලිවෙල අප හා තවත් පිරිස් විසින් හෙලිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මහමෙව්නාව තමන් මෙතෙක් කලක් සගවාගෙන සිටි අභිධර්මය සම්බන්ධ මතය මේ වනවිට හෙලිකරමින් සිට.

අප විසින් මුලින් සකස්කරන ලද ලිපි දෙකක් හරහා මහමෙව්නා අභිධර්මය ප්‍රතික්ෂේප කරන බවට බොහෝ සාක්ෂි ඉදිරිපත් කර ජනතාව දැනුවත් කළ අතර ධර්ම යුද්ධය හරහා අප මහමෙව්නාවෙන් ඉල්ලා සිටියේ, බුද්ධ භාෂිතයට සිදුකරනා මේ විනාශ නවතා දමා වහාම තම මතය නිවැරදි කරගනිමින්, තමන් හා තමන් වටා සිටින විශාල පිරිසකට සිදුවන අනර්ථයත්, ධර්මයට කරන අනර්ථයත් වලකා ගන්නා ලෙසය.

එම ලිපි දෙක පහත දැක්වේ.
____________________________________________________

මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

https://www.facebook.com/photo.php?fbid=100841900103609&set=a.100583093462823.313.100005333970376&type=1&theater

තිසරණ සරණ ගිය සැබෑ බෞද්ධ ඔබටත්, තිසරණය වෙනුවට මහමෙව්නාව පමණක් සරණ ගිය පින්වතුන්ටත්, නිර්මල ථේරවාදී ධර්මයේ චිරස්ථිතිය උදෙසාම ඇරඹෙන ධර්ම යුද්ධයකට මෙත් සිතින් ආරාධනා..!

https://www.facebook.com/photo.php?fbid=555113287866204&set=a.555112431199623.1073741827.555106631200203&type=1&relevant_count=1
____________________________________________________

ධර්ම යුද්ධයට මහමෙව්නාවෙන් ලද පිලිතුරු නම් සුභදායී නොවීය. මහමෙව්නාවේ අනුගාමිකයින් විසින් දිගින් දිගටම අපගේ profile, page බ්ලොක් කරමින් අපගේ හඩ යටපත් කිරීමට උත්සාහ දරන ලද අතර, තමන්ගේ වැරැද්ද නිවැරදි කරගැනීමට කිසිදු හෝ උත්සාහයක් ගන්නා බවක් පෙනුනේ නැත. අවසානයේ තමන්ගේ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ තැන දැන් අභිධර්මය සම්බන්ධ මතය තම වැඩසටහන් හා දේශනා ඔස්සේ එලිදැක්වීමට උත්සාහ ගනිමින් සිටී. එහෙත් හරහා ලැබෙන්නේ අප බලාපොරොත්තු වූ ධර්මයට එකඟ පිලිතුරක් නම් නොවේ. තවදුරටත් තම අධර්ම මත තහවුරු කිරීමට වෙර දරන මහමෙව්නාවාසී හිමිනමක් සඳහා ආභිධම්මික අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ කෘතියක් යොදාගනිමින් උන්වහන්සේට විශාල අගෞරවයක් කිරීමට පෙළඹීම ඉතා අවාසනාවන්ත තත්වයකි.

රේරුකානේ නාහිමියන්ගේ අගනා ග්‍රන්ථ පෙල මෙතෙක් කලක් භාවිතයෙන් ඉවත්කර තිබූ මහමෙව්නාවට, අද තම මතය තහවුරු කිරීමට එම ග්‍රන්ථයක්ම යොදාගැනීමට සිදුවීම දෛවෝපගත සිදුවීමකි. රේරුකානේ නාහිමියන්ගේ 'විදර්ශනා භාවනා ක්‍රමය' ග්‍රන්ථයේ තමන්ට ප්‍රයෝජනවත් සුලු කොටසක් පමණක් යොදාගනිමින් මෙම වීඩියෝවේ මහමෙව්නාවාසී හිමිනම කටයුතු කරන ආකාරය මුලින් නරඹන්න..!

http://www.youtube.com/watch?v=49MyJxlKXkc&feature=share

උන්වහන්සේ සදහන් කරන්නේ තමන්ගේ මතයට වාසියට යොදාගත හැකි සුලු කොටසක් පමණි. උපුටා දක්වන කොටසට මුලින් හා අගින් ඇති අභිධර්මයේ ඇති වැදගත්කම දැක්වෙන කොටස් හිතාමතාම මග හරී.

රේරුකානේ නාහිමියන් ගේ ග්‍රන්ථ පරිහරණය කරනා සැදැහැවතුන් උන්වහන්සේ කෙතෙක් අභිධර්මයට ගරුතැනක් ලබාදී ඇත්දැයි හොඳින් දනී. සම්බන්ධයෙන් අප විසින් පලකරන ලද, අභිධර්ම විරෝධීන්ට උන්වහන්සේ දුන් පිලිතුරු ඇතුලත් ලිපියක් හා උන්වහන්සේට පරිභව කරමින් සිටි මහමෙව්නා අනුගාමිකයින්ට පිලිතුරු ලෙස රේරුකානේ නාහිමියන්ගේ වටිනාකම දක්වමින් අප විසින් සකස් කළ ලිපියක් පහත දැක්වේ.
____________________________________________________

අභිධර්ම පිටකය අබුද්ධ දේශිතය කැයි කියන්නවුන්ට, ආභිධම්මික අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහා නාහිමියන්ගෙන් පිළිතුරු….!

https://www.facebook.com/photo.php?fbid=555142991196567&set=a.555112431199623.1073741827.555106631200203&type=1&relevant_count=1

අපේ පිනට පහළ වූ මහා සංඝපීතෘවරයාණෝ...!

https://www.facebook.com/photo.php?fbid=555145494529650&set=a.555112431199623.1073741827.555106631200203&type=1&relevant_count=1
____________________________________________________

මීට අමතරව මෑත කාලයේ මහා සංඝ පීතෘවරුන් වන අතිපූජනීය බලංගොඩ ආනන්ද මෙත්‍රෙය නාහිමියන් හා අතිපූජනීය නාඋයනේ අරියධම්ම නාහිමියන් විසින් අභිධර්ම විරෝධීන්ට දුන් පිලිතුරු ඇතුලත් ලිපි දෙකක් අප විසින් පළ කරන ලද්දේ අප හා සංවාදයට පැමිණි මහමෙව්නාවාසීන්ට පිලිතුරු වශයෙනි.
____________________________________________________

අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේද?
(
අතිපූජනීය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ පිළිතුරු)

https://www.facebook.com/photo.php?fbid=555139101196956&set=a.555112431199623.1073741827.555106631200203&type=1&relevant_count=1

අභිධර්මය බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් නොවේද?
(
අතිපූජනීය නාඋයනේ අරියධම්ම මහා නාහිමියන්ගෙන් පිළිතුරු)

https://www.facebook.com/photo.php?fbid=555353611175505&set=a.555112431199623.1073741827.555106631200203&type=1&relevant_count=1
____________________________________________________

අභිධර්මය සම්බන්ධයෙන් තවත් නිහඩව සිටීමෙන්, තවදුරටත් සත්‍ය වටහාගෙන තමන්ගෙ දුරස්වන අනුගාමිකයින් රැකගැනීමේ අරමුණින් අද වන විට මහමෙව්නාව මේ සම්බන්ධව එලිපිට කථා කිරීමට පෙළඹී ඇති බව පෙනේ.

ඉහත වීඩියෝවේ දැක්වෙන හිමියන් තම මතවාද තහවුරු කිරීමට යොදාගන්නා රේරුකානේ නාහිමියන්ගේ 'විදර්ශනා භාවනා ක්‍රමය' ග්‍රන්ථයේ 59 පිටුව ඇතුලත් දිට්ඨි විසුද්ධිය යටතේ එන මුල් කොටසේ පිටු 6ක් ඔබ සැමගේ පහසුව සඳහා මෙසේ දක්වමු..!

https://docs.google.com/file/d/0ByoNnbsemXfOaUl1bzhCdGRudVU/edit?usp=sharing

උන්වහන්සේ උපුටා දක්වන කොටසට පෙර 58 පිටුවේ ඇති අභිධර්මයේ වැදගත්කම කියැවෙන පහත කොටස තමන්ගේ මතයට විරුද්ධ හෙයින් මගහැර යන බව පෙනේ. එම ඡේදය උපුටා දක්වමි..!

"
අභිධර්මාර්ථ සංග්‍රහය හොඳින් උගෙන තිබෙන තැනැත්තන්ට දෘෂ්ටි විශුද්ධිය ඇතිකර ගැනීම පහසුය. යටත් පිරිසෙයින් ස්කන්ධ පඤ්චකය , ආයතන දොළසය, ධාතු අටළොසය, ඉන්ද්‍රිය දෙවිස්ස යන ධර්මයන්වත් හොඳින් තේරුම් ගෙන තිබේ නම් දෘෂ්ටි විශුද්ධිය ඇතිකර ගැනීම පහසුය. ධර්මයන් ගැන දැනුම නැති අය මෙහි මතු දක්වන සැටියට භාවනා කරමින් අතර දී ස්කන්ධාදි ධර්ම විභාග උගෙනීමට උත්සාහ කරත්වා!!"

උන්වහන්සේගේ උපුටාගැනීමට පසුව 60 පිටුවේද එන්නේ අභිධර්මය හැදැරීමේ ඇති වැදගත්කම දැක්වෙන කොටසකි. මෙම හිමියන් එම කොටසද තමන්ට එකග නොවන හෙයින් දෝ මග හරී. බලන්න...!

"
භාවනාව කළ යුත්තේ සෞත්‍රන්තික ක්‍රමයේ සැටියට නම් 'අප විසින් අභිධර්මය උගන්නේ කුමට ? එය නිශ්ඵල නොවේදැ"යි ප්‍රශ්නයක් මතු වන්නේය. විස්තාර නාම රූප විභාගය උගත් තැනැත්තා හට සංක්ෂේප ක්‍රමය පහසුවෙන් අවබෝධ වන බැවින් අභිධර්මය දැන සිටීම විදර්ශනාවට අතිශයින් උපකාරකය. මතු දක්වන කංක්ෂා විතරණ විශුද්ධියට අභිධර්මය දැනීම විශේෂයෙන්ම උපකාරක වන්නේය."

දැන් සියල්ල පැහැදිලිය. දිට්ඨි විසුද්ධිය යනු විදර්ශනා භාවනාවේ මූලික කොටසකි. එහිදී නාමරූප ධර්ම විමසාබැලීමට යොදාගන්නේ සූත්‍රවල එන පරිදි ද්වත්තිංසාකාරය ආදී භාවනාවක් බව සැබැවි. එහෙත් එපමණකින් විදර්ශනා භාවනාව සම්පූර්ණ වන්නේ යැයි සිතීම මහත් මුලාවකි. මහමෙව්නාවාසී හිමියන් විසින් තම ශ්‍රාවකයින් රවටන්නේ ඔවුන්ට බවක් ඒත්තු ගන්වමිනි. අප අවසානයට උපුටා දැක්වූ ඡේදයට අනුව, විදර්ශනා භාවනා ක්‍රමය තුලදී ඉදිරියට ඇති විශුද්ධි සඳහා අභිධර්මයේ අවශ්‍යතාවය රේරුකානේ නාහිමියන් පැහැදිලිව දක්වයි. අහෝ..! එහෙත් මහමෙව්නාවාසී හිමිනම විසින් එම කොටස තමන්ගේ වාසියට මගහරිමින් තම ශ්‍රාවකයින් රවටමින් රේරුකානේ නාහිමියන්ටද අගෞරව කරමින්, උතුම් බුද්ධ භාෂිත අභිධර්මයට නිවනට අවශ්‍ය නොවේ යැයි හෙලා දකියි. අභිධර්මය උගන්නේ පණ්ඩිතයන් යැයි අවමන් කරයි.

රේරුකානේ නාහිමියන්ගේ ග්‍රන්ථ තුලින් උන්වහන්සේ අභිධර්මයට දැක්වූ ගෞරවය කොපමණද යන්නට උදාහරණ සියගණනක් දැක්විය හැකිය. එසේ තිබියදි එවන් ආභිධම්මික නාහිමි කෙනෙකුන්ට සිදුකල මේ අගෞරවය සුලුපටු නොවන බව මහමෙව්නාවට සම්බන්ධ පිරිස් දැන්වත් තේරුම්ගන්නේ නම් හොඳය. එසේ නොමැතිව තවදුරටත් තමන්ගේ මතය වෙනුවෙන් මෙසේ උතුම් නාහිමිවරුන්ට අගෞරව කරමින් බුද්ධ භාෂිතය වනසමින් කරනා ක්‍රියාවන් ඉදිරියටත් සිදුකරමින් පව් රැස්කරගන්නේ නම් සත්‍යය වටහාගත හැකි තරම් නුවණක් ඇති මහමෙව්නා අනුගාමිකයින් තව තවත් මහමෙව්නාවෙන් දුරස්වනු නොඅනුමානය.

මේ විනාශය දකිනා බුද්ධිමත් බෞද්ධ ජනතාවගේ යුතුකම වන්නේ මෙම අධර්මවාදීන්ට එරෙහිව තමන් දැනුවත් වන අතරම තවත් පිරිස් දැනුවත් කරමින් මහමෙව්නාවේ අධර්මයට එරෙහි මතවාදයක් ගොඩනැගීමය. එම මතවාදී බලපෑම හරහාවත්, මහමෙව්නාව තමන් සිදුකරනා වරද ධර්මයේ නාමයෙන් තේරුම්ගෙන නිවැරදි කරගැනීමට උත්සාහ ගනීවායි මෙත් සිතින් පතමු..!



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....