Wednesday, May 7, 2014

නාථ දෙවියන්ගේ ආසනික් පරීක්ෂණය කැලිෆෝනියාවේ විශිෂ්ඨතම පරීක්ෂණය සම්මානයෙන් පිදේ

 


Subject:
නාථ දෙවියන්ගේ ආසනික් පරීක්ෂණය කැලිෆෝනියාවේ විශිෂ්ඨතම පරීක්ෂණය සම්මානයෙන් පිදේ

 

නාථ දෙවියන්ගේ ආසනික් පරීක්‍ෂණය කැලිෆෝනියාවේ විශිෂ්ඨතම පරීක්‍ෂණය සම්මානයෙන් පිදේ

April 24, 2014 at 12:01 am | lanka C news

ලංකාවේ පළාත් ගණනාවක පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගයට ග්ලයිපොසේට්-පුර්ණ වල් නාශකය ඍජුව සම්බන්ධ බව හෙළි කළ පර්යේෂණය 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත. එම විශ්ව විද්‍යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයකු වන වෛද්‍ය සරත් ගුණතිලක මහතා සහ රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිසක් මෙම පර්යේෂණයට සහභාගී වුහ.

ලොව කෘෂි රසායන දැවැන්තයකු වන මොන්සැන්ටෝ සමාගම නිපද වන ග්ලයිපොසේට් පිලිබඳ මෙම හෙළි කිරීම අන්තර්ජාතික ජනමාධ්‍ය සහ විද්‍යාඥයන්ගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය. කෙසේ වෙතත් මෙම කරුණ යටපත් කිරීමට ශ්‍රී ලංකාවේ කෘෂි රසායන මාෆියාව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු, පලිබෝධනාශක තාක්ෂණික කමිටුව සහ මුදලට විකුනුණු විශ්ව විද්‍යාල ආචාර්යවරු කිහිප දෙනකු ප්‍රබල උත්සාහයක නිරත විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය ගුණතිලක මහතා පැවසුවේ තමන් කෘෂිකාර්මික වකුගඩු රෝගය සම්බන්ධයෙන් ඉදිරිපත් කලේ කල්පිතයක් පමණක් ද ඒ සදහා අවශ්‍ය විද්‍යාත්මක සාධක සතුව තිබේ ද යන්න පිළිබඳව මේ ගැන ප්‍රකාශ නිකුත් කල කිසිවකු විමසීමක්වත් නොකළ බවත්, හුදුකල්පිතවලට පමණක් හොදම පර්යේෂණය ලෙස සම්මාන ලැබෙන්නේ නැති බව මේ අය දැන ගත යුතු බවත්ය.

මෙම පර්යේෂණයට දායක වීම නිසා ලංකාවේ කෘෂි රසායන මාෆියාවේ සහ ඔවුන්ට සිය ආත්මය පාවා දුන් ඊනියා උගතුන්ගේ යටිකුට්ටු කුමන්ත්‍රණවලට ලක්වීමට ඇමෙරිකාවේ සිටිය ද තමන්ට සිදුව ඇති බව හෙතෙම සම්මානය බර ගනිමින් පැවත් වූ කතාවේ දී හෙතෙම පැවසීය.

වැඩි දුර කියවන්න **

 

http://lankacnews.com/sinhala/main-news/114373/



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....