Monday, May 19, 2014

Youth

 

 

 

 

 

 

Maha Rahathun Wedi Maga Osse
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා" යමෙක් ධර්මය දකීද හේ මා දකී" කියා එසේනම් අපි බලනවා ධර්මය යනු මොකක්ද කියලා ...එතකොට ආර්යන් වහන්සේලා අපට කියා දී තිබෙනවා ධර්මය යනු "අනිත්‍යයි" කියා. ඉන්පසුව අපි බලනවා අපි අනිත්‍ය දකින්නේ කොහොමද කියලා එතකොට ආර්යන් වහන්සේලා අපට කියා දී තිබෙනවා සිතේ සහ කයේ අනිත්‍යය දකින්න කියා (නාම රුප ධර්මයන්හි)
ඉන්පසුව අපි බලනවා සිතේ අනිත්‍ය දකින්නේ කොහොමද කියලා...එහිදී අපි ඇතිවුනා සෑම සිතක්ම අනිත්‍ය වශයෙන් දකිනවා (උදේ නැගිටින්න ,තේ බොන්න, වැඩට යන්න මෙය ලියන්න කියා හිත කිවා ......දැන් මේ එකහිතක්වත් තියෙනවද නෑ අපිව ක්‍රියාත්මක භාවයට පත්කොට අනිත්‍ය වෙලා ගියා ) මෙන්න මෙම ආකාරයෙන් ඇතිවුනාවූ සැම සිතකම අනිත්‍ය බලනවා . එවිට අපට දන්නේනාවූ දෙයක් තිබෙනවා එය දැන ගන්න................
ඉන්පසුව අපි බලනවා කයේ අනිත්‍ය දකින්නේ කොහොමද කියලා...කයේ අනිත්‍ය කීප ආකාරයකට බලන්න පුළුවන් කියා ආර්යන් වහන්සේලා අපට කියා දී තිබෙනවා....සතර මහා ධාතු වශයෙන්, අයතනවශයෙන් (ඇස ,කණ ,දිව ,නාසය ,කාය ), අසුබයවශයෙන් (දෙතිස් කුනුපයන් වශයෙන්) මෙසේ සිතේ සහ කයේ අනිත්‍ය දකිමින් සිටිනවිට නැතිවන්නාවූ දෙයක් ඇත එය සක්කායදිට්ඨියයි.....සහ වැඩෙන්නාවූ දෙයකුත් ඇත එය සතරසතිපට්ඨානයයි. ඔහු සිත තුළවත් කය තුළවත් මම කියා දෙයක් නොදකින තත්වයට පත්වේ. මෙය ද දැක ගතයුතු කරුණකි.......
මෙසේ අනිත්‍යය දකින්න නම් ඔහු තුල සමාධියක් තිබිය යුතුය ...ඔහු තුල සමධියක් නොමැතිනම් ඔහු සමාධිය ගැන හිත හිතා ඉද වැඩක් නොමැත මොකද සීලයේ හේතු එලක් සමාධිය කියන්නේ. එසේනම් ඔහු බැලිය යුත්තේ සීලය ගැනයි.....සීලය ගැන බලන විට ඔහුට පේනවා සීලය කැඩෙනවා. එවිට ඔහු සීලය ගැන හිත හිතා ඉද වැඩක් නොමැත මොකද සද්ධාවේ හේතුඑලක් සීලය කියන්නේ. එසේනම් ඔහු බැලිය යුත්තේ සද්ධාව ගැනයි.....නැවත නැවත ඔහු බුදුරජාණන්වහන්සේගේ ගුණ ගැන, ඥානයන් ගැන, බුදුරජාණන්වහන්සේ අප වෙනුවෙන් විඳවූ දුක් කන්දරාව නැවත නැවත සිහිකළ යුතුයි.......මෙය තමයි මා ඉගෙන ගත්තාවූ මාර්ගය. ඔබලාටත් ප්‍රයෝජනකක් ඇතිවේවි කියා සිතා සටහන් තැබුවෙමි ....මා වරදක් කර ඇත්නම් ඔබලා නොගැටෙන්න ....මා මෙය සටහන් තැබුවේ ප්‍රතිලෝම වශයෙනුයි ............තෙරුවන්සරණයි !...........

 

 

 

 



Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....