Sunday, May 28, 2017

මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 32

මහරහතුන් වැඩි මග ඔස්සේ චිත්තානුපස්සනාව - 32
ඔබ විසින්ම ඔබ රටවා ගැනීමේ විපාකය දන්නේද?

පිංවත් ඔබේ කයේ ක්රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස් කරදෙන කාය සංස්කාර, කියන්නේ ආශ්වාස ප්රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්රව් බැහැර කිරීම මේ සෑම ක්රියාවක් ධර්මතාවක්‌. නමුත් ධර්මතාව අනිත් නිරතුරුවම වෙනස්වන ස්වභාවයෙන් යුක්තයි. මවකට දරු ප්රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌.

අතීතයේ පින්වත් ඔබ, ධර්ම මාර්ගය වඩමින් තව එක සිතිවිල්ලක් අනිත්යභාවයෙන් දැකීම තුළ උතුම් සෝවාන් ඵල අවබෝධය ලැබීමට හැකියාව තිබියදී, එම සිතිවිල්ල මගේකොට ගැනීම නිසා, ඔබ අතීතයේ උතුම් සෝවාන් ඵලය අහිමි කොටගෙන තිබෙනවා. පින්වත් ඔබ විවේකීව සිටින විට ඉහත කාරණය නුවණින් මෙනෙහි කරන්න. එවිට පින්වත් ඔබට මේ ජීවිතයේදී එවැනි වංචාකාරී ධර්මයන්ට හසු නොවී අතීතයේ ඇතිකොටගත්තා වූ විශේෂ දැනීම්, විඤ්ඤාණයන් අනිත් වශයෙන් දකින්න. දිගින් දිගටම එම වංචාවන්ට හසුවූ, අතීතය නුවණින් මතුකොටගෙන සකස්වුණා වූ දැනීම්, අනිත් වශයෙන් දකින්න. එවිට මේ ජීවිතයේදී එවැනි වංචාකාරී ධර්මයන්ට රැවටීමේ අවස්ථාවන් ඔබට මඟහැරී යනවා.

උතුම් සෝවාන්ඵලයට පත්වූ පින්වතා, පින්වතිය ලෝකෝත්තර සම්මා සතියෙන් පරිපූර්ණ කෙනෙක්වෙනවා. ඔහු සිත මාරයා වශයෙන් හඳුනාගත් කෙනෙක්‌. අනිත් දේ අනිත් වශයෙන්, දුක්දෙය දුක්වශයෙන්, අසුබ දෙය අසුබ වශයෙන්, අනාත්ම දෙය අනාත්ම වශයෙන් හඳුනාගත් කෙනෙක්‌. ඔහුගේ සිත කිව්වොත් ඔහු සෝවාන් ඵලයට පත්වුණාය කියලා, ඔහු දන්නවා, සිතත් මාරයාට අයත් පංචඋපාදානස්කන්ධයක් කියලා. ඔහු තමන් සෝවාන් ඵලයට පත්වුණාය කියන සිතට බැඳී යන්නේ නැහැ. ඔහු මම තුළ සෝවාන් ඵලය තියෙනවා කියලා දකින්නේ නැහැ. ඔහුට මම කියන ධර්මයත්, සෝවාන් ඵලය කියන ධර්මයත් අනිත් වශයෙන් දැක්කාවූ පටිච්චසමුප්පාද ක්රියාවලිය තුළ විසුරුවා දැක්කා වූ ධර්මයක් පමණක්මයි. අවංකව, අර්ථයෙන්ම සෝවාන් ඵලයට පත්වූ පින්වතා, තමා සෝවාන් ඵලයට පත්වුණාය කියන සිත අනිත් වශයෙන් දකිමින් තමා තුළින් තමා දකිනවා. තමා තුළින් තමා දකින්නේ, තමා තමාටම අවංක වෙමින්. මෙම ධර්මතාව සෝවාන්ඵලයට පත්වූ පින්වතාගේ සුවිශේෂී වූ ධර්මතාවක්‌. වර්තමාන සමාජයේ හුඟදෙනෙක්තමා තුළින් තමා දකින්නේ, තමා තමාට වංක වෙමින්, තමා තමාවම රවටාගැනීම තුළිනුයි. නමුත් සෝවාන් ඵල අවබෝධය ලැබූ පින්වතා, තමා තුළින් තමන්ව දකින්නේ, තමා තමාටම අවංක වෙමින්. නැවන නැවතත් තමන් තුළින් තමාව දකිනවා.

පින්වත් ඔබ තවමත් සෝවාන් ඵලයට පත්ව නොමැති පින්වතෙක්නම්, පින්වත් ඔබ ගෙවාගෙන පැමිණි අති දීර්ඝ භවගමනේදී ඔබ තුළ තවමත් ලෝකෝත්තර සම්මා සතිය කියන ධර්මතාව සකස්වෙලා නැහැ. ඔබ තුළ ලෝකෝත්තර සම්මා සතිය සකස් වුණා නම්, ඔබ මේ වන විට උතුම් සෝවාන් ඵල අවබෝධයට පත්වී සිටින්නට ඕනා. එය ධර්මතාවක්‌. ලෝකෝත්තර සම්මා සතිය සකස් වී උතුම් සෝවාන් ඵලයට පත්වූ පින්වතා නුවණින් දකිනවා, තමන් සංසාරයේ, සෝවාන් ඵලය ලැබුවාය කියලා රැවටුණු අවස්ථා ලක් ගාණකට වැඩිය කියලා.

සිත නමැති පංචඋපාදානස්කන්ධ මාරයා අතීතයේ තමා රැවටූ හැටි, නුවණින් දකිමින් ලෝකෝත්තර සම්මා සතිය තුළින් පංචඋපාදානස්කන්ධ මාරයා හඳුනාගත් ඔහු තමා තුළ සකස්වෙන මාර සිතිවිල්ලකට රැවටෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. මම සෝවාන් ඵලයට පත්වුණාය කියන සිතත් ඔහුට අනිත් වූ පංචඋපාදානස්කන්ධයක්පමණයි. ඔහු තමා තුළින් තමාව ස්වයංපරීක්ෂණයකට ලක්කොට බලනවා. තමා තමාට අවංක වෙමින්, තමා තෙරුවන් කෙරෙහි අචල ශ්රද්ධාවට පැමිණ තිබෙනවා කියලා. තමා තුළ ශීලය ආර්ය ශීලයක්හැටියට වැඩෙනවා කියලා. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ, ධර්මරත්නය, සංඝරත්නය කියන උතුම් ධර්මතාවන් අනිත් වී යන ධර්මතාවයක්බව තමන් දකිනවා කියලා. කුසල් අකුසල් සංස්කාරයන් විපාක දී අනිත්යභාවයට පත්වෙන ධර්මතාවයක් වශයෙන් තමා තුළින් තමා දකිනවා කියලා. රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මතාවන් නිරතුරුවම අනිත්යභාවයට පත්වෙන ධර්මතාවන් හැටියට තමා තුළින් දකිනවා කියලා. ජීවිත පටිච්ච සමුප්පාද ක්රියාවලිය තුළ විසුරුවා දකින්න සෝවාන් ඵලය ලැබූ පින්වතා දක් වෙනවා.

ඉදිරිපත් කිරීම
ඉන්ද්රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....