Wednesday, January 9, 2013

අනිධිමත් ලෙස සිදු කෙරෙන පළිබෝධනාශක ප්රචාරණය තහනම්

Subject: අනිධිමත් ලෙස සිදු කෙරෙන පළිබෝධනාශක ප්රචාරණය තහනම්

දේශීය පර්යේශකයන්ට තවත් ජයක්, පලිබෝධනාශක ප‍්‍රචාරණය තහනම් January 9, 2013 at 11:20 am | lanka C news

ශ‍්‍රී ලංකාව තුල අනිධිමත් ලෙස සිදු කෙරෙන පළිබෝධනාශක ප‍්‍රචාරණය තහනම් කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඞී.බී.ටී. විජේරත්න මහතා පැවසීය.

ඒ අනුව 2013 ජනවාරි මස 01 වන දින සිට පළිබෝධනාශක දන්වීම් පුවරු කුඹුරුවල, ගස්කොලන්වල, විදුලි කණුවල හෝ වෙනත් ස්ථානවල ප‍්‍රදර්ශණය සපුරා තහනම්ය.

පසුගියදා පැවති කෘෂිකර්ම අමාත්‍යංශයට අදාල පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේදී ආසනික් සම්බන්ධයෙන් පර්යේෂණ කල දේශීය පර්යේඹඛ කණ්ඩායමේ චන්න ජයසුමන මහතා මතුකල කාරණා සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹ තිබේ.

රටේ යම් ස්ථානයක ඒ අකාරයට පළිබෝධනාශක ප‍්‍රචාරණය සිදුවේ නම් ඒ සම්බන්ධයෙන් පේරාදේණියේ පිහිටි පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයට 0812/388135 සහ 0812/388076 අංකවලට දැනුම් දෙන ලෙසත් කාරණා තහවුරු වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් විජේරත්න මහ.තා පවසා ඇත.


------------------------------------------------------------------------------

CONFIDENTIALITY AND DISCLAIMER NOTICE

This e-mail, including any attachments, is confidential and for use only by
the intended recipient. If you are not the intended recipient, please notify
us immediately and delete this e-mail from your system. Any use or disclosure
of the information contained herein is strictly prohibited. As internet
communications are not secure, we do not accept legal responsibility for the
contents of this message nor responsibility for any change made to this
message after it was sent by the original sender. We advise you to carry out
your own virus check as we cannot accept liability for damage resulting from
software viruses.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....