Sunday, March 8, 2015

මගේ පුංචි දරුවෝ එක්ක මට තවත් ටික කාලයක් ඉන්න දෙන්න

 

 

මගේ පුංචි දරුවෝ එක්ක මට තවත් ටික කාලයක් ඉන්න දෙන්න

දිස්නා දරුවෝ හතර දෙනකුගේ මවක්. හැබැයි කාලෙක ඉඳලම ඇය ජීවත් වෙන්නේ මරණය අතේ තියාගෙන.

දැන් දැන් දිස්නාගේ ජීවිතයට මරණය බලපෑම් කරනවා වැඩියි. ඒ හින්දම වෙනදාට වඩා ඇගේ හෘද ස්පන්දනය වේගයෙන් ක්‍රියාත්මක වෙනවා.
"මට මගේ දරුවෝ වෙනුවෙන් ජීවත් වෙන්න ඕන. කාලෙක ඉඳලම මේ රෝගී තත්ත්වය ගැන මම දැනගෙන හිටියා. ඒ වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර පවා ලබා ගත්තා. ඒත් ඒ හැම වෙලාවකම දොස්තර මහත්තුරු මට කිව්වේ ශල්‍යකර්මයක් කරන්න වෙනවා කියලයි.
ඇත්තටම මහත්තයා මම ඒක නොකළේ මිල මුදල් නැති හින්දා. ඒ වගේම ජීවිතය ගැන තියෙන බය හින්දා.
බැරි වෙලාවත් මේ ඔපරේෂන් එකෙන් මගේ ජීවිතයට හානි වුණා නම් මගේ දරුවන්ට අත්වෙන ඉරණම මොකක්ද කියලා මම හිතුවා. ඒ හින්දා තමයි මේ විදිහට හරි බෙහෙත් අරගෙන හිටියෙ."
දිස්නා දුක්බරව කියනවා.


දිස්නා දරුවෝ හතර දෙනකුගේ අම්මා කෙනෙක් කියලා අපි ඔබට කලින් කිව්වා. ඇයගේ ලොකු දරුවගේ වයස අවුරුදු 15යි. අන්තිමයාගේ වයස අවුරුදු 8යි.
පිරිමි දරුවෝ තුන්දෙනෙක් ඒ අතර ඉන්නවා. ඔවුන්ගෙනුත් එක් දරුවෙක් ශාසනයට පූජා කරලා.
"මම බයවෙලා ඉන්න හැම වෙලාවකම හාමුදුරු නමක් වුණු පුංචි පුතා කියන්නේ 'අම්මේ බයවෙන්න එපා ඔය ඔපරේෂන් එක කරන්න කියලයි. පුතා කියනවා මට සල්ලි තිබුණ දවසක මම ඔය ඔපරේෂන් එක කරනවාමයි කියලා."
"කොහොම හරි අද වෙද්දී දිස්නාට මේ ඔපරේෂන් එක කළ යුතුමයි කියන අදහස ඇවිත්. මොකද ඇය දැන් ඉන්නේ ශාරීරිකව පවා හුඟක් දුබල වෙලයි."
මට තදින් මහන්සිය දැනෙනවා. ඇඟ පත දුර්වල වෙනවා වගේ දැනෙනවා. වෛද්‍යවරු කියන්නේ මාස තුනක් ඇතුළත මේ ශල්‍යකර්මය කළ යුතුමයි කියලා."
දැන් ඔයගොල්ලො බලයි දිස්නාට තිබෙන රෝගී තත්ත්වය මොකක්ද කියලා.
ඇය හදවතේ සිදුරක් තිබෙන රෝගියෙක්.
"පුංචි කාලෙ ඒ කියන්නේ මම ඉපදෙන කොටම තමයි මේ රෝගී තත්ත්වය හොයාගෙන තිබෙන්නේ. ඒත් එදා වෛද්‍යවරු කියා තිබෙනවා කාලයත් එක්ක මේ රෝගී තත්ත්වය හොඳ අතට හැරේවි කියලා."
ඒ අනුව මම එදා ඉඳලම බෙහෙත් කළා. ඒ වගේම සාමාන්‍ය විදිහට හිටියා.
ඒත් විවාහවෙලා මගේ පළමු දරුවා ලැබෙන්න සිටියෙදි මම හුඟක් දුර්වල වුණා.
ඒ වෙලාවේ තමයි වෛද්‍යවරු නැවතත් මගේ හදවත පරීක්ෂා කොට බැලුවේ.
ඉතින් එදා ඉඳලම නැවතත් ප්‍රතිකාර ලබා දෙන්න පටන් ගත්තා.
"මොකක්ද හේතුවක් නිසා මට කරදරයක් නැතුව දරුවෝ හතරදෙනාවම ලැබුණා.
ඒත් අවසානයේදී මේ තත්ත්වයට මම පත් වුණා."
මාස තුනක් ඇතුළත දිස්නාගේ ජීවිතය බේරාගන්න නම් හදවත් සැත්කමක් කළ යුතු බව නිර්දේශ වුණාම දිස්නා හිතේ තියන බය පැත්තකට දාලා මේ වෙනුවෙන් මුදල් හොයාගන්න වෙහෙසුණා. ඒත් ඇය ඉන්නා වටපිටාව තුළ මේ මුදල සොයාගන්න අපහසු බව ඇයට දැනුණා.
"මගේ ස්වාමි පුරුෂයාට ස්ථිර රැකියාවක් නැහැ. අපි දැනට ජීවත්වෙන්නෙත් කුලී නිවෙසක. ගෙදර ඉන්න තුන් දෙනාට කන්න, බොන්න අඳින්න දෙන්න වගේම පාසල් උපකරණ අරන් දෙන්නත් ලොකු වියදමක් දරන්න සිදුවෙනවා. ඒ නිසා රුපියල් ලක්ෂ 4ක් සොයාගන්න එක හරිම අපහසුයි.
දිස්නාගේ ස්වාමි පුරුෂයා කරන්නේ ගෙවල් රෙපයාර් කරන වැඩ. ඒ කියන්නේ ඔහුට වැඩක් තිබුණොත් විතරයි මුදලක් අතට ලැබෙන්නේ.
කොහොම හරි මේ හේතුව නිසා ඔවුන්ට රුපියල් ලක්ෂ 4ක් කියන්නේ  සුළුපටු මුදලක් හැටියට දැනෙන්නේ නැහැ.
"මේක අපි වගේ අයට ලොකු මුදලක්. ඉතින් ඉක්මනින් සොයා ගන්න අපහසුයි. ඒ නිසා අපිට උදව් අරන් දෙන්න මහත්තයා. ඒක අපේ දරුවන් වෙනුවෙන් කරන ලොකු උපකාරයක්. මේ දරුවෝ තවම පුංචියි. ඒ අයට මාව ඕන. ඒ නිසා පරිත්‍යාගශීලී  මහත්තුරුන්ගේ නෝනාවරුන්ගේ උදව් මට අරන් දෙන්න.
දිස්නා වේදනාවෙන් යුතුව අයැද සිටිනවා.
අම්මා කෙනෙකුගේ ජීවිතේ දරුවන්ට හුඟක් වටිනවා. ඒ කියන්නේ තාත්තලා වැඩක් නැහැ. කියන එක නමෛයි.
මේ දෙන්නම දරුවන්ගේ ආරක්ෂාවට සහ අනාගතයට හොඳ සවියක්. හැබැයි තාත්තා රස්සාවට ගියාට පස්සේ ගෙදර අම්මා ඉන්න ඕන. එහෙම නැති වුණොත් ඒ දරුවන්ගේ අනාගතය කොහොම වේවිද කියලා හිතන්න බැහැ. විශේෂයෙන්ම පුංචි වයසේ සිටින දරුවන්ට අම්මා ඕනමයි.
ඉතින් දිස්නාගේ ජීවිතේ බේරගන්න ඔබ උදව් වෙන්න. අර අහිංසක දරු පැටවුන්ට අම්මා එක්ක ඉන්න දෙන්න. ඒක කරන්න පුළුවන් ඔබට විතරමයි.

ඔවුන්ගේ ගිණුම් අංකය-දිස්නා කුමාරි විමලසේන
8710025935
කොමර්ෂල් බැංකුව
ඒකල
දුරකථනය:- 0777384777/0713129127

ඡායාරූප:- ප්‍රසංග පෙරේරා
සමන් ප්‍රියංකර නම්මුනිගේ

__._,_.___


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....