Thursday, August 6, 2015

අභයගිරි බිතු සිතුවම්

 

චිරාගත සම්ප්‍රදායක් වශයෙන් දේශපාලඥයින් තමන්ගේ රූප පන්සල් වල බුදු මැදුරේ සිතුවම් කරගන්නේ නෑ. ඊටත් වඩා වසර දහස් ගණන් ඉපැරණි විහාර වල බුදු මැදුරේ සිතුවම් කරන්නේ නෑ, මොකද ඒවායේ ඓතිහාසිකත්වයට හානියක් වෙන නිසා.

අභයගිරි විහාරය ක්‍රි.පු පළමු සියවසේදී ලක්දිව වළගම්බා රජු විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණත් පසුව සොලී ආක්‍රමණ නිසාවෙන් විනාශ වුණා.

1901 දී වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා අභයගිරිය වන්දනාවට සුදුසු ලෙස සකස් කළා. 1982 දී පමණ අභයගිරි සංරක්ෂණ කටයුතුවලට නිල වශයෙන් යළි මුල පිරූ නමුත් නිශ්චිත ඉලක්කයක් ඇතිව එය කරවීමට නැවත වැඩ පටන් ගැනුණේ 1997 දී. නමුත් නොනවතින යුද්ධය හා සාමය නිසා එය දිගින් දිගටම ආණ්ඩු වලට මග හැරුණා.

2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් හා උනන්දුව මත විවිධ ප්‍රමාණවල ගඩොල් ලක්ෂ 30 ක් පමණ යොදාගෙන අඩි 240 ක් උසට දැන් අභයගිරිය සම්පූර්ණ ලෙස පිළිසකර කළා. විස්තර http://www.silumina.lk/2013/06/23/_art.asp?fn=af1306233&p=1  

 

අභයගිරි චෛතයේ සහ විහාරයේ අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු 2014 දී කඩිනම් කර 2015 දී අවසන් කිරීමට යෙදුවා. මෙන්න පින්තූර http://nethfm.com/article/10424/ජනපති-අනුරපුරයේ  

නමුත් වත්මන් ජනපතිවරයා සහ අගමැතිවරයා අභයගිරි විහාරයේ ප්‍රතිසංස්කරණයට සත පහක්වත් වෙන් නොකර (2002-2004 දී ඕන කමක් තිබුණනම් ඉවර කරන්න තිබුණනේ) දැන් තම පින්තූර බුදු මැදුරේ ගහගෙන.

මේවා කාට කියන්නද...

 

 

 

 

 

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....