Sunday, June 7, 2015

ඇස් ලෙඩ පැතිරීමේ අවදානමක්!! දැනුවත් වෙන්න.

 

 

මොකක්ද මේ ඇස් ලෙඩ ?
අපි සරල බසින් ඇස් ලෙඩ කියල හඳුන්වන්නේ අක්ෂි පටලය ඉදිමීම හේතුවෙන් ඇතිවන ඇස් රතු වීමේ තත්ත්වයට!



රෝග කාරක 

බැක්ටීරියාවන්
වයිරසයන්
ආසත්මිකතාවන්
ඇතැම් රසායනික ද්‍රව්‍ය
ඇතැමි විට සිවි කාච දිගු වේලාවක් පැලඳීම හේතු වෙන්න පුලුවන්.

බැක්ටීරියා හා වයිරස නිසා ඇතිවන ඇස් ලෙඩ යැයි අප හදුන්වන තත්ත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙන්න පුලුවන්!
පරිසර වෙනස්කම් සමග(උෂ්ණාධික කාල වැනි)මෙම රෝග තත්ත්වය වසංගතයක් ලෙස පැතිරයාමේ ප්‍රවනතාවයක් දක්නට පුලුවන්!


රෝග ලක්ෂන

ඇස් රත් පැහැ ගැන්වීමට අමතරව
අධිකව කබ ඇතිවීම
ඇස් කැසීම
ඇසිපියන් වසා නැවත විවෘත කිරීමට අපහසු ගතියක් ඇතිවීම
ඇස් වල වේදනාව
අධිකව කඳුලු ගැලීම
පෙනීමේ අපහසුතා දක්වන්න පුලුවන්.

වලක්වාගන්නේ කොහොමද?

බැක්ටීරියා වයිරස වලින් ව්‍යාප්ත වන නිසා අපට වලක්වන්න කියලා ගොඩක් දේ කරන්න අමාරුයි.ඒත් අපිට හැදුනට පස්සේ ඒක තව කෙනෙක්ට බෝ නොකරන්න නම් ගොඩක් දේවල් කරන්න පුලුවන්..අපි සමහර වෙලාවට දකිනවා බෝවෙන රෝග තියාගෙන මිනිස්සු කිසි ගානක් නැතුව බස්/කොච්චිවල යනවා..ඇතැම් අම්මලා ළමයින්ව ඉස්කෝලෙ යවනවා..ඇත්තටම ආත්මාර්ථකාමීත්වයෙන් ඔබ්බට ගිහින් අනිත් මිනිස්සු ගැන හිතල ඒවගේ ලෙඩක් හැදුනම ගෙදරට වෙලා ඉන්න එක තමා කරන්න පුලුවන් හොඳම දේ!

ඊට අමතරව
කොට්ට උර නිතර වෙනස් කිරීම
ආසාදිත පුද්ගලයන්ගේ තුවා,ලේන්සු ආදිය පාවිච්චි කිරීමෙන් වැලකීම
ආසදිත නම් නිතරම අත් සේදීම තුලින් අනෙත් ඇසට බෝ වෙන අවදානම අඩු කරගන්න පුලුවන්.
ඒ වගෙම ආසාදිත පුද්ගලයන්ගෙන් ඈත් වී සිටීමත් වැදගත්!


ප්‍රතිකාර..

ගොඩක් වේලාවට දවස් තුනක් විතර යද්දි අඩුවෙලා යනවා ප්‍රතිකාර නැතුව උනත්!ඒත් ගොඩක් අපහසුයි වගේ නම් වෛද්‍යවරයෙක් ගාවට යන එක වඩා සුදුසුයි..අවධාරනය කරල කියන්න ඕන දෙයක් තියනවා..ගොඩ බෙහෙත් අත් බෙහෙත් නම් කරන්න තියා හිතන්න වත් එපා!ඇස කියන්නේ බොහෝ සංවේදී ඉන්ද්‍රියක්! ගොඩක් අය අත් බෙහෙත් කරන්න ගිහින් සදහටම ඇස් අන්ධ කරගන්නවා..ඒ නිසා අත් බෙහෙත් ඇස් වලට නම් එපා!

 

 


Confidentiality notice and disclaimer
This e-mail is private and may contain confidential information. You must not use, disclose, or retain any of its content if you have received it in error: please notify its sender and then delete it. Any views or opinions expressed in this e-mail are strictly those of its author. We do not accept liability for the consequences of any data corruption, interception, tampering, or virus.

No comments:

Post a Comment

Don't add a word Here. I'll Kill you....